/ Jul 07, 2025

දේශබන්දු අදත් උසාවි යයි

අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකෝන් අද (22) දහවල් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඇප ලබා පිටව යාමේ දී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළින් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බවට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස තීන්දු කළ අතර එම නඩුව අද දිනයේ දී යළි කැඳවනු ලැබීය.

2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදා හැර තිබුණි.

එහි දී දේශබන්දු තෙන්නකෝන් සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගන්නා ලෙසට සහ ආරක්ෂකයින් යොදා නොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි ද කඩ කරමින් ය.

ඒ අනුව ඇප කොන්දේසි කඩ කිරීම මත අධිකරණයකට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top