අද (25) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කළ දැනුම් දීමකට අනුව ඔහු අද පෙරවරුවේ සාමාන්‍ය ජනතාව අධිකරණයට පිවිසෙන ආකාරයට සාමාන්‍ය දොරටුව ඔස්සේ පැමිණි බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් 10 වැනි දා ඔහුට ඇප ලබා දුන් අවස්ථාවේ, අධිකරණයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා නොදෙන්නැයි තීන්දුවක් දී ඇති පසුබිමක, ඔහු මෝටර් රථයක් අධිකරණය භූමියට ගෙන්වා ගෙන පිටව යෑම සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.