/ Apr 30, 2025

තවත් නීලකාස හොරකමක තතු එළියට!

රජයට අයත් එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රුපියල් මිලියන 2700ක් එනම් රුපියල් ලක්ෂ 27000 ක් පාඩු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30000ක් අපනයනය කිරීම හරහා මෙම පාඩුව සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් එම සමාගමේ සේවකයෙකු රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

2022 සහ 2023 වසරවල මෙම රොක් පොස්පේට් සමාගම් දෙකක් හරහා අපනයනය කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹී ඇති බවත්, ඉතා ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top