/ Aug 09, 2025

රවි දියණියගේ විවාහය ශැංග්‍රීලාවේ: ජවිපෙ ලොක්කෙක් ආවායැ යි කතාවක් පැතිරේ! (PHOTOS)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකගේ එක් දියණියක් වන මිනෙලා කරුණානායකගේ විවාහය පසුගිය දින කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ. මෙරට දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඊට සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

සහභාගි වූ ප්‍රභූන් අතර වත්මන් පාලක පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයෙකු සහභාගි වී ඇතැයි නිල නොවන වාර්තා පළ වේ. ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධ සිදුවීමේදී එවකට – 2017 වර්ෂයේදී රවි කරුණානායක මුදල් අමාත්‍ය ධුරය හෙබවූ අතර ඇතිවූ පීඩනය හමුවේ ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. එසමයේ දැඩි කර්කශ විවේචන ජවිපෙ පාර්ශ්වයෙන් ඔහුට එල්ල කෙරිණ. 2021 වර්ෂයේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් පොදු දේපළ පණත යටතේ එම නඩුව පවත්වාගෙන යා නොහැකි බව පවසමින්, අධිකරණය විසින් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11ක් නිදහස් කරන ලදී. එම නඩුව නැවත කැඳවීමට සූදානමක් ඇතැයි පසුගිය දිනවල වාර්තා පළ විය.

උත්සවයට සහභාගි වූ ප්‍රභූන් කිහිපදෙනෙකුගේ සේයාරූ පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top