/ Feb 13, 2026

ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥවරියකුත් සහය දීලා ?

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකු පසුගිය පෙබරවාරි 19 වැනිදි අළුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව වාර්තා වෙයි.

එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට පත්වූයේ නේපාලයේ සැඟව සිටියදීය.

මේ වන විට දින 90ක රැඳවුම් භාරයේ ඇයගෙන් ප්‍රශ්න කරමින් පවතියි.

එම ඝාතන සිද්ධියට අදාළව ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දෙමින් පලා යාමට සහය වූ කිහිපදෙනෙක් ද මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top