පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නීති උපාධිය ලබා ගෙන ඇත්තේ වංචනිකවද යන්න සොයා බලන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (3) රහස් පොලිසියට නියෝග කළේ ය.
අල්ලසට හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඉහළ ම ලකුණු ලබා ගනිමින් නීති විද්‍යාල විභාග සමත් වූයේ වංචනිකව බව නාමල් රාජපක්ෂ වෙත සෑහෙන කාලයක් තිස්සේ නැගෙන චෝදනාවකි. නීති ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළ තුෂාර ජයරත්න යන අය අගවිනිසුරුවරයාගෙන් නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේ ද ඔහු වංචනිකව විභාගය සමත් වූ බව කියමිනි.