වෙන්නප්පුව ලුණුවිල පාලම අසලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉකුත් තිස් වැනි දින දිවි පිදූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ කතාබහක් ඇති විය. නියමු සියඹලාපිටිය යානාව අසල මාර්ගයට ගොඩ නොබෑවේ ඇයිද යන්න සමාජයේ කතාබහට ලක් විය.
මේ සම්බන්ධයෙන් විශේෂාංග ලිපියක් මව්බිම පුවත්පතේ පළව ඇති අතර එහි ලේඛකයා චාමර අමරසූරියයි. එහිදී මෙම පැනයද සාකච්ඡා වී ඇත. එහිදී ගුවන් හමුදාපතිවරයා පැවසූ අදහස් පහත පරිදි වෙ
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ ආරක්ෂිත ගොඩ බෑමක් සඳහා ගුවන් නියමුවා මෙම තීරණය ගෙන ඇති බවයි. මන්ද ඒ අවස්ථාවේදී පාලම අසල පුද්ගලයන් කිහිප දෙනකු රැස්ව සිට ඇති අතර ගුවන් නියමුවා ඔවුනට ඉන් ඉවත් වන ලෙසට සංඥාවක්ද නිකුත්කොට ඇති බව යානය බිමට පතිත වීමට මිනිත්තු කිහිපයකට පෙර ලබාගත් වීඩියෝ දර්ශනවල නිරීක්ෂණය වේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා දක්වන්නේ පාලම අසල මාර්ගයට යානාව කුමන අයුරකින් හෝ කඩා වැටුණේ නම් තවත් මිනිස් ජීවිත කිහිපයක් අහිමි වන බවයි.ඒ අනුව මෙවැනි අවස්ථාවල ජනතාව අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතු බවද ගුවන් හමුදාපතිවරයා පැවසුවේය.





