/ Jan 23, 2026

හරිනිට එරෙහි විශ්වාසභංගය සජිත්ම විසිකරලද?

අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම විපක්ෂයේ අභිමතය පරිදි සිදුවන අතර ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට එය සිදුනොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අපි වැඩකරන්නේ අපේ කාලසටහනට අනුව බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ කාලසටහනට අනුව විපක්ෂයට වැඩ කළ නොහැකි බවද ඔහු සඳහන් කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක පසුබිම මත අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස කටයුතු කරන බව පැවසූ අතර පසුගිය දිනවල ඊට මන්ත්‍රී අත්සන් ගැනීමද සිදුවිය.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයද එම විවාදයට සූදානමින් සිටි අතර එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව පාර්ශවයෙන් ඊයේ (22) සහ අද (23) යන දින ලබා දී තිබෙන නමුත් තවමත් එම විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

පසුගිය දිනවල නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ හකුළා ගන්නා ලෙස විපක්ෂය හඬ නගන ආකාරය දක්නට ලැබුණු අතර විශේෂයෙන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නගත තත්ත්වය මත 6 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල්දැමීමට රජය තීරණය කර තිබේ.

එහෙත් මේ වන විට විපක්ෂය මතු කරමින් සිටින්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධත්වයක් නොදැක්වූ බවත් දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙන්නේ රජය බවත්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top