පොහොර හිඟයක් ඇති නොවීම සඳහා දැනට කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මේ වන විට පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
“පොහොරවලට දැනට අපට ප්‍රශ්නයක් නැහැ. කොහොමවුණත් පොහොර හිඟයක් ඇති නොවෙන්න තමයි අපි දැන් උත්සාහ ගනිමින් ඉන්නේ. චීනයත් එක්ක මේ සම්බන්ධ වැඩසටහනකට දැන් සූදානම් වෙලා තිබෙනවා. ලබන මැයි මාසයේ නම් අපට චීනයෙන් පොහොර තොගයක් ගන්න පුළුවන්කම තිබෙනවා. QR කේතයක් ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිමය තීන්දු අරන් තියෙන්නෙ, ඒකෙදි පොහොර කඩේට ගිහිල්ලා පොහොර ගන්න පුළුවන්”
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





