/ May 29, 2025

බිරිඳ ප්‍රංශ ජනපතිට ගුටි දුන්නා ද? වීඩියෝ දර්ශන ලොව පුරා පැතිරේ! (වීඩියෝ)

වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට ගිය ප්‍රංශ ජනාධිපි එමැනුවෙල් මැක්‍රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වන විට අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යයෙන් ලොව පුරා පැතිරේ.

එහි දැක්වෙන්නේ ප්‍රංශ ජනපති සිය ආර්යාව සමගින් වියට්නාමයේ හැනොයි ගුවන්තොටට ගොඩබෑමෙන් පසු බිමට බැසීමට ආසන්නයේ දොර විවර වූ පසු කාන්තා අතකින් ජනපතිවරයාගේ මුහුණ තල්ලු කර දමන අයුරුයි. 

රාජ්‍ය නායකයා වියට්නාමයට පා තබන තුරු ඇස් දල්වා සිටි, වියට්නාම බලධාරීන් සහ මාධ්‍යවේදීන් මෙම සිදුවීම දැක ඇති අතර එය රූගත වී තිබේ.

මෙම සිදුවීමෙන් පසු ජනපති මැක්‍රොන් ව්‍යාජ සිනාවකින් සැරසී ගුවන්යානයෙන් බසිනු අයුරු දක්නට ලැබේ. ප්‍රංශ ජනපති ආර්යාව බ්‍රිජෙට් නුරුස්නා මුහුණෙන් පහළට බසින අයුරු පැහැදිලිව පෙනී යයි.

ප්‍රංශ ජනපති ආර්යාව බ්‍රිජෙට් 72 වැනි වියේ පසුවන අතර මැක්‍රෝන් ජනපතිට වඩා වයස 25කින් වැඩි කාන්තාවකි.

වීඩියෝව මෙතැනින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top