අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පති (DIG) ප්‍රියන්ත ජයකොඩි ඊයේ (ජූලි 29) සවස් වරුවේ රෝහල් ගත කර තිබේ.
ව්‍යාජ දුරකතන ඇමතුම් සම්බන්ධ චෝදනා මත CID ය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු රෝහල්ගත කර ඇත්තේ. හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ තමාට අවස්ථා කිහිපයකදී දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ කෙහෙල්බද්දර පද්මේ විසින් මරණීය තර්ජනය කළැයි ප්‍රියන්ත ජයකොඩි පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වෙතත් විමර්ශන නිලදාරීන් ප්‍රකාශ කළේ, ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම දුරකතන ඇමතුම් ලබා දී ඇති බවට සිදුකළ විමර්ශවලදී අණාවරණය වෙමින් පවතින බවයි.
වාර්තා වන පරිදි, CID නිලධාරීන් විසින් ප්‍රියන්ත ජයකොඩිගෙන් ප්‍රශ්න කරමින් සිටින අතරතුර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ වන විට වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් CID ය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.