අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ 474ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවත් පුද්ගලයින් 356ක් අතුරුදන්ව සිටින අතර පවුල් 448,817කට අයත් පුද්ගලයින් 1,586,329ක් අපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිති.
වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් ,කුරුණෑගලින් මරණ 53ක් හා කෑගල්ලෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 29ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 43, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව සිටියි.





