/ Dec 06, 2025

ආපදාවේ ලාබ ගරන කළු කඩයන්ට වැඩ වරදී

උද්ගතව ඇති බරපතළ ආපදා තත්වය යටතේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ලබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි මෙසේ සඳහන් වේ,

දැනට පවතින ආපදා තත්වය ප්‍රයෝජනයට ගනිමින්. ඇතැම් වෙළෙඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය සේවා හා පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ නීති හා නියමයන්ට යටතේ නීතිවිරෝධී ය.

ශ්‍රී ලාංකීය ප්‍රජාව ලෙස එකමුතුවෙන් ආදර්ශවත් ලෙස ක්‍රියා කළ යුතු මෙම අවස්ථාවේදී, පාරිභෝගික භාණ්ඩ අයුතු ලෙස ඉහළ මිලකට විකිණීමෙන් අයහපත් ලාභයක් ලබා ගැනීමට උත්සාහ කිරීම සදාචාර මෙන්ම නීති විරෝධීය.

එම නිසා එවැනි මිල ඉහළ දැමීම්, භාණ්ඩ ගබඩා කර සඟවා තැබීම්, ආදියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එහි සඳහන්ය.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top