දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජල ගැලීම් නිසා හලාවත මූලික රෝහල වෙත අත්‍යවශ්‍ය ආහාර සහ වියළි අහාර ද්‍රව්‍ය ලබා දී තිබේ.
එම ප්‍රදේශයේ විදුලිය බිද වැටීම හේතුවෙන් එම රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දින 28ක් හා දින 35ක් වයසැති බිළිඳු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 10ක බරපතල තුවාල ලබා සිටි දරුවකු, වෛද්‍යවරු දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ රත්මලාන ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරේ අංක 04 වන බළගණයට අයත් Bell- 412 හෙලිකොප්ටර් යානයක් මගින් කටුනායක කඳවුර වෙත රැගෙන විත් ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.





