වී කිලෝවක් රු.130කට මිලදී ගන්නා බව පවසමින් ඉදිරියේදී සහල් මිල ඉහළ දමා ගැනීමට ඇතැම් මෝල් හිමියන් ප්‍රයත්න දරමින් සිටින බවට ජාතික ගොවිජන එකමුතුව දැනුම් දෙයි.
රජය විසින් ප්‍රකාශයට පත් කළ වී මිලෙන් ගොවියාට නිසි ලෙස සාධාරණයක් නොවුණත් සහල් මිල පාලනය කර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීම සඳහා ගොවි සංවිධාන රජයේ මිලට කැමැත්ත දැක්වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රජයේ සහතික මිලට අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 120 ක් වුවත් සමහර මෝල් හිමියන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 130 කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කරන බවත් නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට සිල්ලරට අලෙවි කළ හැකි ව තිබියදී රුපියල් 130ට වී මිලදී ගන්නා නිසා ඉදිරියේදී සහල් මිල වැඩි කිරීමට සිදුවන්නේ යැයි ප්‍රකාශ සිදුකරන බවත් ගොවිජන එකමුතුව සඳහන් කරයි.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව විසින් සහල් කිලෝවක් සඳහා නියම කර තිබෙන පාලන මිල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුව තරයේ කියා සිටියි.