/ Jan 24, 2026

සමඟිය සහ එජාපය අතර අදත් සාකච්ජාවක් – සාකච්ජා සාර්ථක බවට සජිත්ගෙන් X පණිවිඩයකුත්!

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්චාවක් අද (24) පවත්වා තිබේ.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව කොළඹදී පැවැති අතර ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පිරිසක් එක්ව සිට ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් තලතා අතුකෝරල, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප සභාපති නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එක්ව සිට ඇති බවත් සඳහන් වේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාර්ථක සාකච්ඡාවටයක් පැවැත්වූ බවත් එය ජයග්‍රාහී අවසානයක් කරා ගෙන යනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවය.

මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top