ආපාදවන්ට ලක්ව දැනටත් අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීම පිණිස නොපැමිණෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විනාශය වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත් කිරීමේ සියලු කටයුතු මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, මෙලෙස විනාශ වූ ස්ථාන නැරඹීමට අවට මහජනතාව විශාල ලෙස පැමිණීම ඉතා අනාරක්ෂිත තත්වයක් බවත් එම ස්ථාන නැරඹීමට නොපැමිණෙන ලෙසත් පොලිසිය ජනතාවට අවධාරණය කරයි.





