තම පුත්‍රයා විසින් නිවෙසට ගෙනැවිත් තිබූ චීන පටස් එකක් දත්වලින් හැපීමට ගොස් එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලැබූ මවක් ගැන පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
දන්ත වෛද්‍යවරිවක් වන බව තම පුත්‍රයා විසින් ගෙනැවිත් නිවසේ සාලයේ මේසය මත තබා තිබු මෙම චීනපටස් කුමක්දැයි බැලීම සඳහා කටින් හපා ඇති අතර එය මුඛය තුළම පුපුරා යෑමෙන් මුහුණ, දත් සහ මුඛයට බරපතළ තුවාල සිදුව ඇත.
ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සිදු වූ ස්ථානය පොලිස් විමර්ශනයකට ද භාජනය කර ඇත.