හෙට (31) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.





