/ Mar 13, 2025

කිසිම ආණ්ඩුවක් මෙහෙම අපහාස කළේ නෑ: වෛද්‍යවරු සටනට!

do

වත්මන් ආණ්ඩුව පෙර පැවැති කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයට වෛද්‍යවරුන්ව දැඩි අපාහාසාත්මක තත්වයකට පත් කර ඇති බවද වෛද්‍යවරුන්ගේද සහය ලබාගෙන වෛද්‍යවරුන්ව කබලෙන් ලිපට දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ ය.

අය-වැය සකස් කිරීමේදී ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා හෑල්ලුවට ලක් කර ඇති බවත් මෙම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 15ක් පමණ වෛද්‍යවරුන් බවත් සභාපතිවරයා අවධාරණය කළේ ය.

ආණ්ඩුවේ පළමු අය-වැය හරහා වෛද්‍යවරුන්ගේ දළ වැටුපද අඩු කර ඇති් බවත්, අමතර දීමනාව ද මූලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස අඩු කර දමා ඇති බවත් කී බෙල්ලන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම පියවරකට තම සංගමයේ සහය ලබා දෙන බවද කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top