/ Aug 02, 2025

හෙට සහ අනිද්දා “සිරි දළදා වන්දනාවට” එන්න එපා! ; පොලිසියෙන් දැනුම්දීමක්

ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙනි.

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

එබැවින් හෙට (24) දින සහ අනිද්දා (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් බැතිමතුන් පැමිණීමක් සිදුවුවහොත් අලුතින් පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top