/ Jun 08, 2025

දළදා වන්දනාවට එන්න එපා! ; අලුතින් එන සැදැහැවතුන්ට අවස්ථාවක් නැහැ

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලිසිය මහජනතාවට දැනුම්දෙයි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලිසිය අනුමාන කර තිබේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කර ඇත.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලිසිය මහජනතාව වෙත දැනුම්දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top