අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී හඳුන්වාදුන් මොඩියුලයක දරුවන්ට නොගැලපෙන වෙබ් අඩවියක යොමුවක් අඩංගුව තිබීමේ සිද්ධියෙන් රට හෝ දරුවන්ට කිසිදු හානියක් සිදු නොවුණු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.
එය කුමන්ත්‍රණයක් බවයි ඇය පවසන්නේ.
මේ වන විට එය ඉලක්ක කරගෙන විපක්ෂය සිදුකරමින් තිබෙන පහත ක්‍රියාවලියට එරෙහිව කාන්තාවන් පාරට බස්වන බව ඇය තවදුරටත් සඳහන් කරයි.
“එක ඇත්තටම කුමන්ත්‍රණයක්. දරුවන්ට, රටට කිසිම හානියක් වුණේ නෑ. කවුරුහරි හිතුවා නම් හානියක් කරන්න ඒකත් සිද්ධ වුණේ නැහැ. මේ ක්‍රියාවලිය පදනම් කරගෙන අපේ රටේ අගමැතිනියට පහත් විදියට ගෙනයන මේ අදහස් දැක්වීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ ඉන්න සියලු කාන්තාවන් මේකට එරෙහිව දැනුවත් කරන්න පාරට බස්සන්න, ඒ වගේම මේ වෙනුවෙන් පෙනී සිටින්න, විපක්ෂය කරන මේ පහත් ක්‍රියාවලිය නවත්වන්න අපි ඔක්කොම එකට එකතු වෙනවා. ඒ නිසා වැඩිය දඟළන්න එපා, කාන්තාවො පාරට බැස්සොත් ඕගොල්ලන්ට හැංගෙන්න තැන් නැතිවෙයි” යනුවෙන් ඇය අවධාරණය කරයි.




