/ Feb 19, 2026

කලබල වෙන්න එපා.කිසිම ගෑස් හිඟයක් නැහැ – සමාගම තහවුරු කරයි!

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බවත් අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top