/ Dec 29, 2025

ඩග්ලස් දේවානන්දාට රැඳවුම් නියෝග!

පිස්තෝලයක් සම්බන්ධ සිද්ධියකට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාව තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ (26) ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

2001 වසරේදී ඔහුට යුද හමුදාව විසින් නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2019 දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකදුරේ මදුෂ් සතුව තිබී ඇති එම සිද්ධිය පාදක කරගෙන දේවානන්දාව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම සංවිධානාත්මක අපරාධකරු සන්තකයේ තිබී ඇති එම ගින් අවියේ අංක පරීක්ෂා කිරීමේදී අදාළ ගිනිඅවිය ඩග්ලස් දේවානන්දා වෙත නිකුත කර තිබුණු එකක් බව හදුනා ගෙන ඇත.

අදාළ ගිනි අවිය බාහිර පාර්ශවයක් සන්තකයේ තිබීම ගැන හිටපු ඇමතිවරයාගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙන අතර ඒ පිළිබඳ පහැදිලි ප්‍රකාශයක් සිදුකිරීමට අපොහොසත් වීම මත ඔහුව අත්අඩංගුවට ගැනුණි.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති අතර ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top