දූෂණය නමැති වරද සිදුකිරීමේ චෝදනාවට මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරියගේ දියණියද ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (7) නියෝග කළේ ය.
ඉකුත් සිකුරාදා දින නඩුව පැවැති අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත මරණ තර්ජනය කළ බවට චෝදනාවකට අදාළව කොළඹ 7 කුරුඳුවත්තේ පදිංචි හේමාලි විජේරත්න නම් 21 වියැති මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
සැකකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් කියා සිටියේ විදේශයක අධ්‍යාපනය ලද ඇය මැරෙනවා යනුවෙන් සඳහන් කළ දේ මරණවා යනුවෙන් වටහාගෙන මෙම පැමිණිල්ල කර ඇති බවයි. ඇය ලාබාල තැනැත්තියක් බැවින් ඇප ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියත් එය ඉටු වූයේ නැත.