සිය මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති කිහිපයක් ගිල දැමීමෙන් වයස අවුරුදු 1 1/2ක් වයසැති කුඩා පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ.
කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස මිය ගොස් ඇත.
පෙරේදා (04) පස්වරුවේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී දරුවා මියගොස් තිබේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.