/ Dec 29, 2025

රියදුරුගේ තීරණයෙන් බදුල්ල – මහියංගනය මාර්ගයේ මාරක අනතුරක් වැළකෙයි!

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක් රියදුරා විසින් සිදුවෙන්නට ඉඩ තිබූ මාරක අරනතුරක් වළක්වා ගෙන තිබේ.

බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී තිරිංග ක්‍රියාත්මක නොවීම අනතුරකට මුහුණ දී තිබුණි.

එම මොහොතේ රියදුරාගේ ක්‍රියාත්මක වීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 14 දෙනාට සීරීමක් හෝ නොමැතිව බේරාගැනීමට හැකිවී ඇත.

එම අනපේක්ෂිත සිදුවීම සිදුව ඇත්තේ බදුල්ල දුන්හිඳ වංගුව අසලදීය.

යම්කිසි අයුරකින් අනතුර සිදුවූයේ නම් බස්රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරළී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවයි රියදුරු ජනක තුෂාර මහතා පවසා ඇත්තේ.

“මම මගීන්ට කිව්වා හයියෙන් අල්ලා ගන්න කියලා. රියදුරු මහත්තයා ගානට වේල්ලට ඇල්ලුවා.” යනුවෙන් කොන්දොස්තර මහතා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top