/ Feb 13, 2026

වික්ටෝරියා ජලාශය ගාව මත්ද්‍රව්‍ය සාදය : මාලිමා උපනගරාධිපති දියණියත් ඉඳලා!

තෙල්දෙණිය, කරලියැද්ද නව නගරයේ වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක අයිස්, කුෂ්, හෙරොයින් සහ ත්‍රිල් මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට පත් වූහ.

මේ අත්අඩංගුවට පත් පිරිස අතර ඒ අතර මහනුවර ප්‍රබල දේශපාලක දියණියක් ද සිටින බව පුවත් වාර්තා පළව තිබුණි. මේ තරුණිය මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටියගේ 26 හැවිරිදි දියණිය බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම මත්සාදය ෆේස්බුක් හරහා සංවිධානය වී සිදු වූවක් බවත් කොළඹ සහ මහනුවර පදිංචි පිරිසක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීති විරෝධී දුම්වැටි 12ක්ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, සියලු චෝදනාවලට මෙම පිරිස වරද පිළිගත් පසුව ඊයේ (13) අධිකරණය මගින් ඔවුන් ඇප මත නිදහස් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top