/ Mar 17, 2026

ඩුබායි ගුවන් කලාපය තාවකාලිකව වැසේ!

ඉරානයෙන් එන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව එහි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඉරානයට එරෙහිව ඇමරිකා- ඊශ්‍රායල් යුද්ධය තුන්වන සතියටත් අඛණ්ඩව පැමිණෙමින් තිබියදී ඊයේ(16)දිනයේදී ඉරාන රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ගුවන්තොටුපලේ ඉන්ධන ටැංකියක් පුපුරා යාම සමඟ මෙම තීරණය ගෙන ඇත.

මැද පෙරදිග මෙම තත්වය වසරකට ඩොලර් බිලියන 367 ක් පමණ වටිනා මැද පෙරදිග සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපා ඇති අතර සමහර මාර්ගවල ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද 70% කින් ඉහළ ගොස් තිබේ.

ලොව බොහෝ ගුවන් සමාගම් මේ වන විට ඩුබායි, රියාද්, ටෙල් අවිව් සහ බීරූට් වෙත ගුවන් ගමන් අවලංගු කිරීම මාර්තු සහ අප්‍රේල් මාසවල අග දක්වා දීර්ඝ කර ඇති අතර මේවන විට කලාපයේ ගුවන් ගමන් සේවා විශාල ප්‍රමාණයක් අඩපණ වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් ගල්ෆ් රටවල් ඇමරිකානු හමුදා පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන හෙයින් නිරන්තරයෙන් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයන්ට භාජනය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top