2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස්කිරීම පහසුවක් වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ නමුත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීමත් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බවද එහි දැක්වෙයි.
2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF)සලකා බැලීමට ගත් තීරණය දැනුම්දෙමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) පසුගිය 11 වැනිදා සලකා බලා තිබේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.





