/ Jan 08, 2026

පාස්කු ඉරිදා ප්‍රහාරය: සාරා ජස්මින් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද ඇය මියගොස් නැති බව විමර්ශන මඟින් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඇය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක විය.

සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.

ඒඅනුව සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම් විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයාපැවසීය.

පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඇතැම් කරුණු විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් අකරණ ලදී.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අණාවරණය වෙලා තියෙනවා විමර්ශන අංශයෙන්. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවැයි කියලා. නමුත් විමර්ශන දිගින් දිගට පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ශන තමා නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේකේදී ගැඹුරු විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා.” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top