/ Jan 23, 2026

ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය CID ත් යයි!

මෙවර උසස් පෙළ විභාගයේ ආන්දෝලනයට දී තිබෙන ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම
සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවාය.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම, ප්‍රශ්න පත්‍ර පිටවීම ඇතුළු චෝදනා කිහිපයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වන බවත් ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී එවැනි සිදුවීමක් අනාවරණය වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීමට අවශ්‍ය හෙයින් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top