/ Oct 18, 2025

රටේ ආර්ථීකය 2019 දී තිබුණ තැනට ලබන වසරේදී යනු ඇති : ජනපති කියයි!

මෙරට ආර්ථික අර්බුදයට ලක් වීමට පෙර 2019 තිබුණු තත්වයට ලබන වසරේදී යාමට හැකි බව ජනපතිවරයා පැවසීය. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී ය.

2022 වසරේදි නිල වශයෙන් බංකොලොත් වූ ශ්‍රී ලංකාව අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවද ජනපතිවරයා කියා සිටියේ ය.

මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණු විට එය සමනය වීමට රටකට වසර 10ක් ගතවන බව ආර්ථික විශේෂඥයන් පවසන මුත් ශ්‍රී ලංකාවට එය වසර 6කින් ඉටු කරගැනීමට හැකිවන බව ජනපතිවරයා විශ්වාසය පළ කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top