/ Jan 17, 2026

අගමැතිනිය පෙරට : අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදු ලෙසකින් හකුළන්නේ නෑ කියයි!

Teacher and principal salaries

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

කිසිදු ලෙසකින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්නට කටයුතු නොකරන බවද ඇය අවධාරණය කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාලීන අවශ්‍යතාවක් බව කී අග්‍රාමාත්‍යවරිය  විවිධ දේශපාලන ක්‍රියාකාරීන් ජනතාව මුලාවට පත්කරමින් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක් නතර කරන්න උත්සාහ කරන බව සඳහන් කළා ය.

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාවගේ  ප්‍රසාදය තව තවත්  පළවෙමින් තිබෙනවා. අපි කිසිම ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න කටයුතු කරන්නේ නැහැ. තවත් ශක්තිමත්ව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරනවා“

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top