රට තුළ කෘෂිකාර්මික භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා දියත් කරනු ලබන “එක මිටට – ගොවි බිමට” ජාතික වැඩසටහන පෙබරවාරි 15 දින සිට ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වා ගෙන යාමත්, දේශීය ආහාර පරිභෝජනයට අමතරව කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම මෙම ජාතික වැඩිපිළිවෙලේ මූලික අරමුණයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් මත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බල ප්‍රදේශ 566ක් තුළ ක්‍රියාත්මක කෙරේ.