ලංවිම පිරිවැය ආවරණ කර ගැනීම වෙනුවෙන් ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් සකස් කිරීමෙන් ඒවායේ ඇති විය හැකි මූල්‍ය අවදානම් තත්වය මගහැරන බවයි ඔවුන් පවසන්නේ.
එය තමන් මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රධාන කුළුණක් බවද ඔවුන් කියා තිබේ.
විදුලිය ගාස්තුව 6.8%කින් ඉහළ දැමීම මහජන උපයෝගීතා කොමිසම මෑත දිනයක ප්‍රතික්ෂපේ කර දැමුවේය.
කෙසේ වෙතත්, රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබීම නැවත බදු ගෙවන ජනතාවටම බරක් වීම සිදුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටින්නේ.






පාඩු මැකිමට බිල වැඩිකිරිම නොව කලබුත්තේ පිරිවැය අඩුකිරිමයි. මිල වැඩිකරන්න වැඩිකරන්න පරිබෝජනය අඩුවෙනව. කර්මාන්ත වැහෙනව. ආදායම අඩුවෙනව. එවිට නැවත වැඩිකරන්න නෙනවා. එවිට ජනතාව මත වැටෙන බර තවතවත් වැඩිවෙනව. දැන් අපි ඒ විෂමචක්‍රයට වැටිලා ඉන්නෙ එනිසා කලයුත්තේ අඩුවියදම් විසදම්වලට යාමත් නාස්තිකෙරි වියදමි කපා හැරිමත්ය