අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි මෙම වසරේ දෙවැනි අර්ධය සඳහා වන විදුලි ගාස්තුව ඉහළ නංවා තිබේ. සමස්තයක් ලෙස එය 15%කින් ඉහළ දැමීමටයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, කුඩා පරිභෝජන කාණ්ඩය වන ඒකක 90 ට අඩු ආගමික ස්ථානවලට විදුලි ගාස්තු සංශෝධනය බල නොපාන බවයි කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් පවසන්නේ.
එමෙන් ම ඒකක 30ට වඩා අඩු ගෘහස්ථ අංශයේ කාණ්ඩ සඳහා 6%ක වැඩිවීමක් ද, මාසික ගාස්තුව රු. 75 සිට 80 දක්වාද වැඩි කර ඇත.
ඒකක 30-60 කාණ්ඩයේ ඒකකයක මිල රු. 2කින්
(රු.8.00) වැඩි වේ.
ඒකක 61- 90 බිල්පත වැඩිවීම 240කට සීමා වේ.
ඒකක 91-120 බිල්පත වැඩිවීම රු. 360කි.
121-150 දක්වා රු. 600කි.
ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රු 840කි.
ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩිවීමක් නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇත.
කර්මාන්ත අංශය පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වෙන විට ඒකක ගාස්තුව 4කින් සහ මාසික ගාස්තුව රු 50කින් ඉහළ යනු ඇත.
විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්යය ස්ථාවර ගාස්තුව රු 5000 එලෙසම පවතින අතර, මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රු 100කින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඉහත කාණ්ඩයේ රු 23ට පවතින ඒකක ගාස්තුව රු 28 දක්වා ඉහළ යනු ලබන අතර, රු 13 කින් පවතින ඒකකය රු 15 දක්වා සහ රු 11 පවතින ඒකකය රු 12 දක්වා රුපියලකින් ඉහළ යනු ඇත.
ඒ අනුව ඒකක ගාස්තු වැඩිවීම ශත 50ත් රු 9ත් අතර, පරාසයකින් ඉහළ ගොස් ඇති අතර, මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.