ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුර දැවැන්ත ඛේදවාචකයක් බවට පත්ව තිබේ. එම අනතුරෙන් මේ වන විට මියගොස් ඇති බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි. 18ක් රෝහල්ගත කර ඇත.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය.
අනතුර සිදුව ඇති ස්ථානයේ තිබෙන දැඩි බෑවුම නිසාවෙන් මුදවාගැනීමේ කටයුතු බොහෝ දුෂ්කර වී තිබුණි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් වන අතර එය අඩි 700ක තරම්වන ප්‍රපාතයකට පෙරළී ඇත. අනතුර සිදුවන අවස්ථාව වන විට බස් රථයේ 40කට ආසන්න පිරිසක් සිටි බව සැලයි.
පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එක්ව තිබුණි.