/ Sep 16, 2025

ඇල්ල ඛේදවාචකය : ජීප් රථ රියදුරෙක් අත්අඩංගුවට!

ඊයේ (04) ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරට අදාළව සුඛෝපභෝගී ජීප් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ, බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවයි.

පෙරදින රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් අඩි 700ක පමණ ප්‍රපාතයකට බසය පෙරළුණු අතර, මේ වන විට ජීවිත 15ක් අහිමි වී තිබේ. තවත් 18 දෙනෙකු තුවාළ ලබා රෝහල්ගත කර ඇත. බස් රථය සුන්බුන් බවට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top