/ Jun 09, 2025

රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක් ; ආරක්ෂක අංශත් කැඳවයි

රුසියානු තානාපති කාර්යාල‍යේ අද (28) පස්වරුවේ බේම්බ බියක් ඇති විය.

ඒ විදේශිකයෙකු විසින් එම තානාපති කාර්යාලයට පැමිණ යම් බෑගයක් එහි තබා ක්ෂණිකයෙන් පිටව යාම හේතුවෙනි.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලිසිය ඇතුළු කණ්ඩායමක් වහාම එම තානාපති කාර්යාලය වෙත කැඳවීමට පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් එම බෑගය පරීක්ෂා කිරීමේ දී එහි තිබී ඇත්තේ ලැප්ටොප් පරිගණයක් වන අතර එය ඉදිරි විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top