හෝර්ටන් තැන්න ලෝකාන්තයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක අඩි 50 ක පමණ ප්‍රපාතයකට වැටී සිටියදී නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.
හෝර්ටන්තැන්න ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆේ ඡායාරූප ගැනීමට ඇය උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ ඇද වැටී ඇති බව සඳහන්.
තරුණිය ගසක අත්තක එල්ලී සිට ඇති අතර හෝර්ටන් තැන්න ජාතික වනෝදයානයේ රියදුරෙක් අවදානමද නොතකා පහළට බැස මෙම තරුණිය ගහෙන් බිමට බස්සවා තිබේ.
අනතුරුව පට්ටිපොල පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඇය එම ස්ථානයෙන් ඉහළට ගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.





