අද (29) සිට සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචිය සිදුකරයි.
මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූ අතර ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස ඇතුළු පිරිසක් එක්විය.





