/ Jan 24, 2026

එප්පාවල මත්ද්‍රව්‍ය චෝදනාව – NPP හිටපු මන්ත්‍රිනී විදුහල්පති සැමියාගේ වැඩ තහනම්!

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ප්‍රාථමික විදුහලක විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

මේ වන විට ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ම,ඇත රැඳවුම් භාරයේ පසුවෙයි.

අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙම විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගේ බිරිඳ ජාතික ජන බලවේගයේ පෑළියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් මෙම වන විට ඇය එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top