කාමුක කතා ප්‍රචාරය කළ යූටියුබ් නාලිකාවක හිමිකරුවෙකුට මාස 6ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත.
ඊයේ දිනයේ (31) මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ, කඩුවෙල පදිංචි දිමුතු චාමර හෙවත් ටොපියා නම් අයෙකුට එදිරිවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් නඩුව ගොනු කර තිබුණේ, කොළඹ පාසල් ගුරුවරියක විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.
අසභ්‍ය කතා විකාශය කරන යූටියුබ් නාලිකාවක තම ඡායාරූපය ප්‍රදර්ශනය කරන බවටයි, ගුරුවරිය පැමිණිලි කර තිබුණේ.