/ Nov 13, 2025

වතුකම්කරු වැටුප ඉහළට. මාධ්‍යවේදීන්ටත් මිලියන 100ක්!

2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප රු.1750 ක් දක්වා ඉහළ යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව මේ වන විට වතුකම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන රු. 1350ට සමාගම පාර්ශවයෙන් 1550ක් සහ රජයේ පාර්ශවයෙන් පැමිණීමේ දිරි දීමනාව ලෙස රු.200ක් ලබා දෙමින් දෛනික වැටුප රු.1750ක් දක්වා ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට නියමිතයි.

දින 25ම සේවයට පැමිණියහොත් මාසෙකට රු.10,000ක වැටුප් වැඩිවීමක් වතුකම්කරුවන් වෙත ලැබෙනු ඇති.

මේ අතර චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස වෙන් කරන බවත් ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරන බවත් 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top