/ Nov 21, 2025

21 රැළිය තහනම් කළත් අපි ඒක තියනවා – ගම්මන්පිල

21 වැනිදා විපක්ෂයේ මහජන හඬ රැළිය තහනම් කළද එය පවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙව්වත්, රැලිය තහනම් කලත්, 21 වෙනිදා සවස නුගේගොඩ විපක්ෂයේ මහා ජන හඬ රැස්වීම පවත්වන බවයි ඔහු සඳහන් කරන්නේ.

“21 වෙනිදා මේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කිරීම සනිටුහන් කරන නුගේගොඩ රැළියට ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදු පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂත්, සත්ව ගවේෂකයෝ ඇතුළු බහුජන සංවිධාන ගණනාවකුත් සහාභාගි වීමට බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහිව පවත්වන ප්‍රථම විරෝධතා රැලියට තමන්ගේ සහයෝගය පළ කිරීම සඳහා ජනතාව අතර රැඳී සිටිමින් රැස්වීමට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවාය කියලා අපට දැනුම් දීලා තියෙනවා. සහභාගි නොවන සමහර පක්ෂ රැස්වීමට සුබ පතලා තියෙනවා.”

අපිට තිබෙන සීමිත සම්පත් එක්ක මේ රැස්වීම සංවිධානය කරද්දී අපට තිබුණු ලොකුම ගැටළුව තමයි කොහොමද මේ රැළියට ප්‍රචාරයක් ලබා දෙන්නේ කියන එක, අපට තිබෙන සීමිත සම්පත් එක්ක මේ රැළියට ප්‍රචාරය ලබාදෙන්නේ කොහොමද කියන අභියෝගය අපට තිබුණා. නමුත් ආණ්ඩුව විසින් ලංකා ඉතිහාසයේ විපක්ෂයේ ප්‍රචාරක රැලියකට ලැබුණ, ලැබුණු වැඩිම ප්‍රචාරය මේ වන විට 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන රැලියට ලබා දීලා තියෙනවා. ජනාධිපතිතුමන් අයවැය කතාවේ දී, ඒ වගේම ඉල්විරු සමරු කතාවේදී, වැඩි ඕනේ නැහැ ඊයේ පාර්ලිමේන්තුවේට දුවගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලේ බුදුපිළිමය පිළිබඳ කරපු කතාවෙදිත් නුගේගොඩ රැළිය සිහිපත් කරන්න අමතක කළේ නෑ. ආණ්ඩුවේ මැති ඇමතිවරුනුත් දිනපතා සිහිපත් කරමින් මේ රැස්වීම සාර්ථක කරගන්න විපක්ෂය සහෝදර පක්ෂ වගේම ආණ්ඩුව පැත්තෙනුත් අපට ලබා දුන්න ඒ සහයෝගය අපිව කෘතවේදීව සිහිපත් කරනවා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top