දිට්වා සුළි කුණාටුවෙන් පසු මේ වන විට නුවරඑළියට පිවිසෙන සියලු මාර්ග විවෘත කර ඇති හෙයින් නුවරඑළිය රසවිඳ ගැනීම වෙනුවෙන් පැමිණෙන ලෙස නගරාධිපති උපාලි වනිගසේකර සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු පවසන්නේ මේ වන විට නුවරඑළිය නගරය යථාතත්ත්වයට පත්ව ඇති බවයි.
”දිට්වා සුළි කුණාටුවෙන් පසුව නුවරඑළිය නගරය යථාතත්ත්වයට පත්වෙලා තියෙනවා. සියලුම පාරවල් විවෘත කරලා තියෙනවා. සුන්දර නුවරඑළිය රසවිදින්න, නව අත්දැකීම් ලබා ගන්න ඔබ හට නුවරඑළියට පැමිණෙන්න පුළුවන්. වික්ටෝරියා උද්‍යානය, හක්ගල මල් වත්ත, විනෝද ක්‍රීඩා,ත්‍රාසජනක ක්‍රීඩා ඇතුළු සියලු දේ විවෘතව පවතිනවා. ඔබ පැමිණෙන තුරු නුවරඑළිය වැසියන් බලා සිටිනවා.” යනුවෙන් නගරාධිපතිවරයා කියා සිටියි.





