2025 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබු ආදායම් ඉලක්ක අභිබවා ගොස් ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
එම දෙපාර්තමේන්තුව වෙත සුරාබදු ආදායම් ඉලක්කය ලෙස රුපියල් බිලියන 227.4ක ඉලක්කයක් ලබා දී තිබු අතර එය ඉක්මවා ගොස් රුපියල් බිලියන 245ක් අය කර ගැනීමට හැකිවී ඇතැයි ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
2026 වසර සඳහා ඒ අනුව රුපියල් බිලියන 245ක ඉලක්කයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, ගත වුණ මාස කිහිපයේද ඉලක්ක ඉක්මවා සුරාබදු අය කර ගෙන ඇති බව කියා සිටි කොමසාරිස් ජනරාල්වරයා මත්පැන්වල මිල අඩු කිරීමට සලකා බලමින් සිටින බව පවසයි.
සිංහල හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් අප්‍රේල් 13-14 දෙදිනයන්හි සුරාසැල් වසා තැබෙන බවත් නීතිවිරෝධී මත්පැන්වලට යොමු නොවෙන ලෙසත් ඒවායෙන් ජීවිත හානි සිදුවිය හැකි බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.





