/ Feb 25, 2026

ගල් අඟුරු ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුව නම් කරයි!

ආනයනය කරන ලද ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නගත තත්ත්වය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණු අතර එම කමිටුව ද මේ වන විට පත්කර තිබේ.

නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඉදිරියේදී ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වලට හානි වීමේ ඉඩක් පවතින අතර අලාභය විදුලි බිලෙන් අය කරගැනීමට සිදුවනු ඇතැයි විපක්ෂය විසන් චෝදනා නගමින් තිබෙන පසුබිමක මෙම ගැටළුවට අදාළ කමිටුව මඟින් නිසි වාර්තාවක් ලබාදෙනු ඇත.

ඒ අනුව,

1) මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ (සභාපති) – විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
2) ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
3) ආචාර්ය අයි.යූ.අත්තනායක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
4) ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය
5) ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) – විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
6) ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
7) කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) – අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය) බලශක්ති අමාත්‍යාංශය

යන විශේෂඥයින්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top